වැදගත් සිදුවීම්
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 05 ක් ජනතා අයිතියට
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කරුඳුවැව හා කැලේසියඹලාව, තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කුඩාබිලිවැව, කිත්සිරි සහ ගඟසිරිපුර යන ප්‍රදේශයන්හි ස්ථාපනය කරන ලද ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන පහක් (05) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 10 වැනි දින සිදු කෙරිණි.
11 Dec 2024
පූජ්‍ය Thich Phuoc Tan ඇතුළු කණ්ඩායමක් නැංගුරම නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක
ඕස්ට්‍රේලියාවේ පූජ්‍ය Thich Phuoc Tan ගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් 42 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2024 දෙසැම්බර් මස 10 වැනි දින වැලිසර “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවූ අතර, රණක්ෂිතයට පත්ව, නාවික සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන නාවික හමුදා රණවිරුවන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් හා ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැවීම වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම එහිදී පූජ්‍ය Thich Phuoc Tan විසින් සිදු කෙරිණි.
11 Dec 2024
74 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා අනුරාධපුර සඳහිරු සෑයේ ආලෝක පූජාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර සඳහිරු සෑ රදුන් ආලෝකමත් කිරීමේ ආලෝක පූජාවක්, 2024 දෙසැම්බර් මස 09 වැනි දින උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මංගල මුම්මුල්ලගේ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
11 Dec 2024
ප්‍රංශයේ ආරක්ෂක හා සුරක්ෂිතතා සහයෝගිතාවය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමුවෙයි
ප්‍රංශයේ ආරක්ෂක හා සුරක්ෂිතතා සහයෝගිතාවය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (Deputy Director of the Defence and Security Cooperation Department) Jerome BRESSON මහතා සහ ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල්, Emmanuel PELTRIAUX ඇතුළු ප්‍රංශ දූත පිරිසක් නිල හමුවක් සඳහා 2024 දෙසැම්බර් මස 10 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
11 Dec 2024
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ජ්‍යේෂ්ඨ කපිතාන් ZHENG Zhaoping 2024 දෙසැම්බර් මස 10 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
11 Dec 2024


