වැදගත් සිදුවීම්
SLINEX - 2024 ඉන්දු - ලංකා නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා සයුර නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන SLINEX - 2024, ද්විපාර්ශ්වික ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය 2024 දෙසැම්බර් මස 17 වැනි දින සිට 20 වැනි දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් හිදී පැවැතිවීමට නියමිතව ඇති අතර, එම නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව 2024 දෙසැම්බර් මස 12 වන දින, හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් දිවයිනෙන් පිටත් විය.
12 Dec 2024
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 06 ක් ජනතා අයිතියට
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩුගම කොළනිය, කුඩා කැකිරාව, කසාගල පුරාණ රජමහා විහාර භූමිය, ඉහළ පුලියන්කුලම සහ ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හපදියාගම හා තිලකපුර යන ප්‍රදේශවල ස්ථාපනය කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් (06) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 11 වැනි දින සිදු කෙරිණි.
12 Dec 2024
74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණු ආයතනයේදී
නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 12 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණු ආයතනයේ නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
12 Dec 2024
2024 වර්ෂයේ නාවික හමුදා වර්ණ ප්රදානෝතත්සවයේදී නාවික හමුදා පුද්ගලයන් 326 දෙනෙකු වර්ණ හිමිකර ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද නාවික හමුදා වර්ණ ප්රදානෝත්සවය - 2024, වැලිසර, ‘Wave N’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී 2024 දෙසැම්බර් මස 11 වැනි දින නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රදානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, එහිදී පසුගිය 2021, 2022 සහ 2023 තෙවසර තුළ විධාන, ආරක්ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙන් නාවික හමුදාව නියෝජනය කළ ක්‍රීඩා ඉසව් 42 ක් අතුරින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ක්‍රීඩා ඉසව් 35 ක නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 326 දෙනෙකු වෙත වර්ණ ප්රදානය කෙරිණි.
12 Dec 2024
නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 1062 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ඌරුමලෙයි ක්‍රිස්තියානි දේවස්ථානයේදී ජනතා අයිතියට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 1062 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය තලෛයිමන්නාරම ඌරුමලෙයි ශාන්ත ලෝරන්ස් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයේදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 11 වැනි දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.
12 Dec 2024
ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වීදී නාට්‍යයක්
ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මානව ප්රථිශක්තී ඌණතා වෛරසය හා ඒඩ්ස් (Human Immunodeficiency Virus - HIV/ Acquired Immunodeficiency Syndrome - AIDS) පිළිබඳව දැනුවත් කිරීමේ වීදි නාට්‍යක් 2024 දෙසැම්බර් මස 06 වැනි දින ත්‍රීකුණාමලය, නාවික තටාකාංගනය පරිශ්‍රයේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
12 Dec 2024


