වැදගත් සිදුවීම්

මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 දෙසැම්බර් 21) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

21 Dec 2024

නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය Wave N’ Lake උත්සව ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ නාවික හමුදා සංගීත අංශය සහ එක්ව සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024, ‘Decked in Navy Blue and Red, Merry Christmas from the Seas to the Shore’ යන තේමාව පෙරදැරිව 2024 දෙසැම්බර් මස 20 වැනි දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

21 Dec 2024