නාවික හමුදා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාදන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකළ කතරගම නාවික වන්දනා නිකේතනය සහ ශ්රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකළ නාවික නිවාස සංකීර්ණය විවෘත කිරීම අද (2024 දෙසැම්බර් මස 24), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා ගේ ප්රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.