වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති ‘Peace Ark’ රෝහල් නෞකාවේ නිරීක්ෂණ සංචාරයක නිරතවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය 2024 දෙසැම්බර් මස 24 වන දින මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාවේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
25 Dec 2024
SLINEX - 24 ශ්‍රී ලංකා - ඉන්දියා නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් සයුර නෞකාව දිවයිනට පැමිණෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන SLINEX - 24 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය, 2024 දෙසැම්බර් මස 16 සිට 20 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එම අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් සයුර නෞකාව 2024 දෙසැම්බර් 24 දින දිවයිනට සේන්දු විය.
25 Dec 2024


