පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ, මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන්, 2025 ජනවාරි මස 04 වැනි දින පැවති විසිර යාමේ පෙළපාලියේදී, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කර ගැනීමට සමත් විය. එම ජයග්‍රහනය ඇගයීමට ලක් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් වෙත ඊයේ දින (2025 ජනවාරි 06) නාවික හමුදා මුලස්ථානයේදී, ප්‍රශංසාත්මක ලිපියක් පිරිනමන ලද අතර, අද (2025 ජනවාරි 07) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් ලබා ගත් ජයග්‍රහනය තුලින් මව්බිමට අත්කර දුන් කීර්තිය සහ ත්‍රිවිධ හමුදා පුහුණූ වන නිලධාරීන්ට පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවට ලබාදුන් වටිනා ආදර්ශය අගයමින් සුභාසිංශන පිරිනැමිම සිදු කෙරිණි.