වැදගත් සිදුවීම්

අභිනව නාවික හමුදාධිපති මහනුවර ‍ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ලෙස ධුරයේ රාජකාරි භාරගැනීමෙන් පසු, අද (2025 ජනවාරි 08) අස්ගිරි සහ මල්වතු දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක, මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනිමින්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගැනීමට කටයුතු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණිය ද සහභාගී විය.

08 Jan 2025