වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා කිමිදුම් අංශයේ 60 වැනි සංවත්සරය සැමරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ; දිය යට බිඳහෙලීම්, ඉදිකිරීම්, අළුත්වැඩියා කිරීම්, පරීක්‍ෂා කිරීම් සහ ගොඩගැනීම් සම්බන්ධ කිමිදුම් රාජකාරි සඳහා 1965 වර්ෂයේ ජනවාරි මස 08 වැනි දින ස්ථාපිත නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේ 60 වැනි සංවත්සරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් අද (2025 ජනවාරි 11) ත්‍රීකුණාමලය නාවික තටාකංගණයේ, නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේදී පැවැත්විණි.

11 Jan 2025