වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති ජය ශ්‍රී මහ බෝ සමිඳුන් සහ රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු, 2025 ජනවාරි මස 12 වැනි දින අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වන්දනාමාන කරමින්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගත් අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියද සහභාගී විය.

12 Jan 2025

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් ගාල්ල සහ හම්බන්තොට පිරිසිදු කිරීමේ වැඩසටහනක්

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, ගාල්ල සමුද්‍ර මාවත වෙරළ තීරයේ සිට ගාල්ල නගර සීමාව දක්වා වෙරළ තීරය, ගිංතොට පාලම අසල සිට හික්කඩුව දක්වා වෙරළ තීරය සහ හම්බන්තොට ධීවර වරායෙහි පවිත්‍ර කිරීමේ විශේෂ වැඩසටහනක් අද (2025 ජනවාරි 12) උදෑසන දකුණු නාවික විධානයේ මූලිකත්වයෙන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

12 Jan 2025

ගොන්ගල කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නාවික හමුදා පුද්ගලයින්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ගේ සංකල්පයකට අනුව, නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු සබරගමුව පළාතේ ගොන්ගල කඳු තරණ අභ්‍යාසය 2025 ජනවාරි මස 11 වැනි දින සාර්ථකව පැවැත්විණි.

12 Jan 2025

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 ජනවාරි මස 11 වැනි දින නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හා සාගරික විද්‍යාපීඨය, ශ්‍රී ලංකා නාවික තටාකංගණය, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා සහ ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයන්හි නිල සංචාරයක නිරත වෙමින්, නාවික හමුදා මෙහෙයුම්, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති සහ පුහුණු කටයුතු නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම ආයතනයන්ට අනුයුක්ත පුහුණු වන නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

12 Jan 2025