වැදගත් සිදුවීම්
74 වැනි නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ගිණිකොන නාවික විධානයේදී
නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 15 වැනි දින ගිණිකොන විධාන නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
15 Jan 2025
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ 2024 දෙසැම්බර් මස 31 වන දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වෙත නිල වශයෙන් අද (2025 ජනවාරි 15) නාවික හමුදා මූලස්ථානයේදී ප්රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
15 Jan 2025
රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් අද (2025 ජනවාරි 15) නාවික හමුදා මූලස්ථානයේදී ප්රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
15 Jan 2025


