වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු අග්‍රාමාත්‍ය තුමිය බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජනවාරි 16) සිය ප්‍රථම නිල හමුවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය බැහැදැකීමට කටයුතු කෙරිණි.
16 Jan 2025
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ සහ නාවික හමුදා විනයාරක්ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා විනය ආරක්ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරයට සමගාමීව අද (2025 ජනවාරි 16) තලෛයිමන්නාරම ප්‍රදීපාගාරය ඉදිරිපස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
16 Jan 2025
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජනවාරි 16) සිය ප්‍රථම නිල හමුවීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක නිල කාර්යාලයේදී, ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදැකීමට කටයුතු කෙරිණි.
16 Jan 2025


