නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පිය දායකත්වයෙන් සහ, පෙරේරා සහ පුත්‍රයෝ බේකර්ස් (පුද්ගලික) සමාගමේ මූල්‍ය දායකත්වය මත පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පො/කවුඩුල්ල මහා විද්‍යාලයෙහි ස්ථාපනය කෙරුණු 1076 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, අද දින (2025 ජනවාරි 17) සිදු කෙරිණි.