නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පිය දායකත්වයෙන් සහ MAS සමූහ ව්‍යාපාරයට අයත් බොඩිලයින් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වය මත ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ බෝමළුව විහාරස්ථාන පරිශ්‍රයේ ස්ථාපනය කෙරුණු 1077 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක හිමිපානන් ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සහ බොඩිලයින් සමාගමේ අධ්‍යක්‍ෂිකා සයිනි සෙනරත් මෙනවියගේ සහභාගීත්වයෙන් අද (2025 ජනවාරි 21) සිදු කෙරිණි.