වැදගත් සිදුවීම්
බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් චන්දිම සිල්වා බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද (2025 ජනවාරි 24) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
24 Jan 2025
ක්ලීන් ශ්රී ලංකා ජාතික වැඩසටහන යටතේ රජයේ වී ගබඩා පිරිසිදු කර අළුත්වැඩියාව සඳහා නාවික හමුදාවේ සහය
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්රියාත්මක වන ක්ලීන් ශ්රී ලංකා ජාතික වැඩසටහන යටතේ, මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා නාවික හමුදාව විසින් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්රික්ක තුළ පිහිටි රජයේ වී ගබඩා පිරිසිදු කිරීම හා අළුත්වැඩියා කිරීම, 2025 ජනවාරි මස 23 වැනි දින ආරම්භ කෙරිණි.
24 Jan 2025


