වැදගත් සිදුවීම්
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රජයේ වී ගබඩා 28ක් නාවික හමුදාවේ දායකත්වයෙන් පිරිසිදු කර ප්‍රථිසංස්කරණය කරයි
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් ආරම්භ කල රජයේ වී ගබඩා පිරිසිදු කර ප්‍රථිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ 2025 ජනවාරී මස 29 වැනි දින වන විට වී ගබඩා විසි අටක් (28) පිරිසිදු කර ප්‍රථීසංස්කරණය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
29 Jan 2025
නාවික හමුදාව කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකය සඳහා වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා සන්කෙන් ඕවර්සීස් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපනය කිරීම, 2025 ජනවාරි මස 29 වැනි දින සිදුකෙරිණි.
29 Jan 2025
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අද දින (2025 ජනවාරි 29) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
29 Jan 2025


