වැදගත් සිදුවීම්
නාවික හමුදාව ආණමඩුව මූලික රෝහලෙහි රුධිර කාන්දුකරණ ඒකකය සඳහා වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) ආණමඩුව මූලික රෝහලෙහි රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම, අද (2025 පෙබරවාරි 01) සිදුකෙරිණි.
01 Feb 2025
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2025 ජනවාරි මස 31 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ Multirole Light Frigate වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව අද (2025 පෙබරවාරි 01) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
01 Feb 2025
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
01 Feb 2025


