වැදගත් සිදුවීම්
77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව පෙරදැරිව, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (2025 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 77 වැනි ජාතික නිදහස් සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.
04 Feb 2025
අභිමානවත් 77 වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නාවික හමුදාව ආචාර වෙඩි මුර 25 ක් පිරිනමයි

‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ යන තේමාව පෙරදැරිව පැවති 77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගාලු මුවදොර ඉදිරිපස මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට, අද (2025 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට සයුර නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් චන්දන ප්‍රියන්ත ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
04 Feb 2025
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 04) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
04 Feb 2025
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 පෙබරවාරි මස 01 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ යුද නෞකාව එම නිල සංචාරය අවසන් කරමින් අද (2025 පෙබරවාරි 04) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
04 Feb 2025
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ගරු මියොන් ලී (Miyon LEE) මැතිණිය, නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 03 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
04 Feb 2025