වැදගත් සිදුවීම්
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2025 පෙබරවාරි මස 04 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, අද (2025 පෙබරවාරි 05) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
05 Feb 2025
රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා ජල ශාස්ත්‍රීය විද්‍යාපීඨයේ මූලික ජල ශාස්ත්‍රීය මිණුම් පාඨමාලාවේ දක්ෂතම නාවිකයාට හිමි ‘DUX’ සම්මානය බල නැවි ආර්බීජී චින්තක විසින් දිනා ගැනීමට සමත්වෙයි
රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ සිඩ්නි හි පිහිටි ජල ශාස්ත්‍රීය විද්‍යාපීඨයේදී 2024 සැප්තැම්බර් මස 23 වැනි දින සිට දෙසැම්බර් මස 13 වැනි දින දක්වා පැවති මූලික ජල ශාස්ත්‍රීය මිණුම් පාඨමාලාව සඳහා සහභාගීවූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල නැවි ආර්බීජී චින්තක, එක්ස්එස් 114053 නාවිකයා එම පාඨමාලාවේ දක්ෂතම නාවිකයාට හිමි ‘DUX’ සම්මානය දිනා ගනිමින්, ඒ සඳහා හිමි වන “වේනින් අනුස්මරණ තිළිණය” (WAINING MEMORIAL PRIZE) හිමිකර ගැනීමට සමත්විය.
05 Feb 2025
ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 05) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
05 Feb 2025


