වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු ජනාධිපති තුමන් බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 පෙබරවාරි මස 06 වැනි දින සිය ප්‍රථම නිල හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා බැහැදකින ලදි.
06 Feb 2025
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ බේරේ වැව ප්‍රතිස්ථාපනය සඳහා මුල පිරීම වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වය
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, බේරේ වැව ප්‍රතිස්ථාපනය සඳහා මුල පිරීමේ ව්‍යාපෘතියක් බස්නාහිර පලාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සංවිධායකත්වයෙන් අද (2025 පෙබරවාරි 06) ආරම්භ වුණු අතර, ඒ සඳහා නාවික හමුදා යාත්‍රා සහ ශ්‍රම දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
06 Feb 2025
ඉන්දියාවේ නැමීබියා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි හි නැමීබියා ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් සහ ශ්‍රී ලංකාවේද ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Lisias Kondjeni Kangandjela නිල හමුවක් 2025 පෙබරවාරි මස 05 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
06 Feb 2025


