වැදගත් සිදුවීම්

‘අමාන් - 2025’ බහුපාර්ශවික අභ්‍යාසය ආරම්භවෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලබන අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසයේ සමාරම්භය අද (2025 පෙබරවාරි 07) පාකිස්ථානයේ කරච්චිහි නාවික වරාය පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නා‍වික නෞකා විජයභාහු නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු නාවික හමුදා පුද්ගලයන් සහභාගී විය.

07 Feb 2025

ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදුකළ සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2025 පෙබරවාරි මස 05 වැනි දින දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව අද (2025 පෙබරවාරි 07) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

07 Feb 2025

ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් YUKI YOKOHARI නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 07 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

07 Feb 2025