වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 11 වැනි දින අධිකරණ අමාත්‍යංශයේදී, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා හමු විය.
11 Feb 2025
රුවන්ඩා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අධ්‍යයන සංචාරයක් සඳහා නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණෙයි
2025 පෙබරවාරි මස 09 වැනි දින සිට 15 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන රුවන්ඩා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් පහලොස් දෙනෙක් (15) සහ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධාරීන් සිව් දෙනෙකුගෙන් (04) සමන්විත, කර්නල් LAUSANNE NSENGIMANA INGABIRE ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් අද (2025 පෙබරවාරි 11) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී කර්නල් LAUSANNE NSENGIMANA INGABIRE ඇතුළු ජේය්ෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමු වූහ
11 Feb 2025


