වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ශක්තිමත් ජල ශාස්ත්‍රිය සහයෝගීතාවක් සදහා ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් තබයි
ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබන ලදි. අද (පෙබ 14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම ගිවිසුම අත්සන් තබන ලද අතර, මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය විද්‍යා ක්ෂේත්රයේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම තුළින් දැනුම හුවමාරු කිරීම, ධාරිතා වර්ධනය, තාක්ෂණික සහයෝගීතාව සහ ආදායම් උත්පාදනය ඇතුළු ජල ශාස්ත්‍රිය විද්‍යාව පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත.
14 Feb 2025
එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී රියර් අද්මිරාල් Angus Essenhigh නිල හමුවක් සඳහා අද (2025 පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති කාන්චන බානගොඩ හමුවිය.
14 Feb 2025


