වැදගත් සිදුවීම්
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් දින මාර්ග ධාවනය - 2025 ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේදී පවත්වයි
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (International Military Sports Council) සැමරුම් මාර්ග ධාවනය - 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හා ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ගේ සහභාගීත්වයෙන් අද (2025 පෙබරවාරි 18) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ සිට අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානය දක්වා පවත්වන ලදී.
18 Feb 2025
ඕස්ට්‍රේලියානු රජය වෙතින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නොගැඹුරු ජලයේ සමීක්ෂණ කිරීමේ යන්ත්‍රයක් ලබාදෙයි
ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව වෙත නවීනතම නොගැඹුරු ජලයේ සමීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රයක් නිල වශයෙන් භාරදීම, අද (2025 පෙබරවාරි 18) කොළඹ වරායේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතන පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු Paul Stephens මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
18 Feb 2025


