වැදගත් සිදුවීම්
පාකිස්ථානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ 54 වැනි මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් කණ්ඩායමක් අධ්‍යයන සංචාරයක් සඳහා නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණෙයි
2025 වර්ෂයේ පෙබරවාරි මස 18 වැනි දින සිට 23 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන පාකිස්ථානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ 54 වන මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් දහ අට දෙනෙකු (18) සහ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් (03) සමන්විත, කොමදෝරු Ahsen Ali Khan ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් අද (2025 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී කොමදෝරු Ahsen Ali Khan ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමු වූහ.
19 Feb 2025
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද ගරු තානාපතිවරිය නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි චන්ග් (Julie Chung) මැතිණිය අද (2025 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
19 Feb 2025


