වැදගත් සිදුවීම්

ජනපති සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (26) පැවැත්විණි.

26 Feb 2025

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය වෙතින් සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය වෙතින් නාවික හමුදාධිපති වෙත උපහාර දක්වයි

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම වෙනුවෙන්, උපහාර දැක්වීමක් 2025 පෙබරවාරි මස 25 වැනි දින එම විද්‍යාල පරිශ්‍රයන්හිදී සිදු කෙරිණි. එම විද්‍යාලයන්ගේ ආදි සිසුන්, ගුරු බවතුන් සහ සිසු දරු දැරියන් විසින් සංවිධානය කෙරුණු එම අවස්ථාවන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියද එක් විය.

26 Feb 2025