වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුභාශිංසන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (2025 මාර්තු 02) 74 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ත නාවික හමුදාවේ සුභාශිංසනය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පිරිනැමේ.
02 Mar 2025
නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවූ LINE THROWING ADAPTER කට්ටල මෙහෙයුම් සඳහා භාර දෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය (Research and Development Unit - RDU) මඟින් T 56 අවිය සඳහා නිෂ්පාදනය කරන ලද Line Throwing Adapter කට්ටල මෙහෙයුම් සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සයුරල නෞකාවන් වෙත භාරදීම 2025 පෙබරවාරි මස 28 වැනි දින බටහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
02 Mar 2025
නාවික හමුදාව විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා එක්ව ගරුතර පූජ්‍ය පක්ෂය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායනයක් 2025 පෙබරවාරි මස 28 වැනි දින පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ විහාරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.
02 Mar 2025


