වැදගත් සිදුවීම්
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කුරුණැගල නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, Sunshine Foundation for Good සහ Sunshine Holding පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරුවැල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කෙරුණු 1086 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 මාර්තු මස 04 වැනි දින සිදු කෙරිණි.
05 Mar 2025
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 05) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
05 Mar 2025
සීප්පුකුලම, තම්මැන්නා වේළුසුමන මහා විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් සීප්පුකුලම, තම්මැන්නා වේළුසුමන මහා විද්‍යාල පරිශ්‍රය දරුවන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් කිරීම සඳහා පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 03 වැනි දින සිදු කෙරිණි.
05 Mar 2025


