වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් පුහුණු වන නාවිකයන් සහ උපදේශකයන් අමතයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 මාර්තු මස 08 වැනි දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, ශ්‍රීලංනානෞ ශික්‍ෂා අයතනයේ පුහුණුවන නාවිකයින් සහ උපදේශකයන් ඇමතීමට කටයුතු කෙරිණි. නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍යය ඉටු කිරීමට අවශ්‍ය දැනුම සහ ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුත් නාවිකයෙකු ලෙස පුහුණු වීම සහ පුහුණු කරවීම සඳහා ආධුනික නාවිකයන් වෙත සහ පුහුණු කාර්ය මණ්ඩලය වෙත ඇති වගකිම සම්බන්ධයෙන් අවධාරණය කල නාවික හමුදාධිපති පුහුණු කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්‍යය උපදෙස් ලබා දීමට එහිදී කටයුතු කෙරිණි.

09 Mar 2025

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටුවීමට සුදුසුකම් ලබයි

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාළයක් එක දිගට ඇවිදීමෙන් ගි‍නස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) 2025 මාර්තු මස 09 වැනි දින සුදුසුකම් ලැබීමට සමත් විය.

09 Mar 2025