වැදගත් සිදුවීම්

මුලතිව්, තිරුමුරිකණ්ඩි හින්දු විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් මුලතිව්, තිරුමුරිකණ්ඩි හින්දු විද්‍යාලය පරිශ්‍රය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 04 වැනි දින සිදු කෙරිණි.

10 Mar 2025

කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මංගල්‍යය සඳහා සියළු කටයුතු සුදානම්

කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2025 මාර්තු මස 14 සහ 15 යන දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට අවශ්‍ය සියළු සැපයුම් මුහුදු මාර්ගයෙන් කච්චතිව් දූපත වෙත රැගෙන ඒමේ කටයුතු සඳහා නාවික හමුදා යාත්‍රා අඛණ්ඩව යොදවා ඇති අතර, උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

10 Mar 2025