වැදගත් සිදුවීම්

මහනුවර ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මහනුවර ධර්මවික්‍රම බාලිකා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් 2025 මාර්තු මස 11 වැනි දින අවසන් කෙරිණ.

14 Mar 2025

මුලතිව්, ඇහැටුගස්වැව මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් මුලතිව්, ඇහැටුගස්වැව මහා විද්‍යාලය පරිශ්‍රය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 13 වැනි දින සිදු කෙරිණි.

14 Mar 2025