වැදගත් සිදුවීම්
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත් වෙයි
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 14 සහ 15 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවියේ ගරු ලුර්දු ආනන්දන් පියතුමා (Rt. Revd. Dr. Lourdu Ananthan. Bishop of Sivagangai diocese, India) යාපනය රදගුරු පදවියේ ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමා (Very Revd. Fr. P. J. Jebaratnam,Vicar General, Jaffna Diocese) කොළඹ අග රදගුරු පදවියේ ගරු සිස්වාන් ද කෲස් පියතුමා (Revd. Fr. Ciswan de Croos, Colombo Arch Diocese) ඉන්දියාවේ රාමේශ්වරම් පැරිෂ් පූජක ගරු අශෝක් පියතුමා (Revd. Fr. Ashok, Parish Priest, Rameswaram, India) සහ ඩෙල්ෆ්ට් පැරිෂ් පූජක ගරු පී. පතිනාදන් පියතුමා (Revd. Fr. P. Pathinathan. Parish Priest, Delft) යන පූජක ප්‍රසාදීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන්, යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම් රදගුරු හිමිපානන්ගේ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් පිරතීපන් (Maruthalingam Piiratheepan) මහතා ගේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සම්පත්, තාක්ෂණික හා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්විණි.
17 Mar 2025
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී අද දින (2025 මාර්තු 17) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
17 Mar 2025


