වැදගත් සිදුවීම්

නාවික හමුදා බෝට්ටු නිෂ්පාදන අංගනයේ නිෂ්පාදිත කැනෝ හා කායක් බෝට්ටු 60ක් ක්‍රීඩා සමාජ ‍වෙත ලබා දෙයි

ජාත්‍යන්තර කැනෝයින් හා කායකින් සම්මේලනයේ (International Canoe Federation - IFC) අනුග්‍රහය මත ශ්‍රී ලංකා ජාතික කායකින් හා කැනෝයින් සංගමයේ (National Association for Canoeing and Kayaking in Sri Lanka – NACKSL) මුලිකත්වයෙන් වැලිසර, නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගනයේ (NBBY) නිෂ්පාදනය කරන ලද කැනෝ හා කායක් බෝට්ටු හැටක් (60) දිවයිනේ ප්‍රකට ක්‍රීඩා සමාජ වෙත ලබා දීම, 2025 මාර්තු මස 17 වැනි දින වැලිසර නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගනයේදී නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

18 Mar 2025

අම්පාර, පොතුවිල් සිංහල මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, අම්පාර, පොතුවිල් සිංහල මහා විද්‍යාලය පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම 2025 මාර්තු මස 14 වැනි දින සිදු කෙරිණි.

18 Mar 2025