වැදගත් සිදුවීම්
කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදේ නාවික හමුදාව මඟින් ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුමක්
ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වී ඇති ඓතිහාසික වශයෙන් වැදගත් නෞකා සුන්බුන් ආවරණය වන පරිදි ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුමක් 2025 මාර්තු මස 10 වැනි දින සිට 17 වැනි දින දක්වා සාර්ථකව සිදු කෙරිණි.
19 Mar 2025
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ කාර්යය භාර්යය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 17 වැනි දින උතුරු නාවික විධානයෙන් ආරම්භ විය.
19 Mar 2025
මහව, උස්ගල ගැමුණු මහ විදුහල “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, සියඹලාන්ගමුව, ගල්ගමුව උස්ගල ගැමුණු මහ විදුහල් පරිශ්‍රය පිරිසිදු කිරීම නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් 2025 මාර්තු මස 15 වැනි දින සිදු කෙරිණි.
19 Mar 2025


