වැදගත් සිදුවීම්
යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට නාවික හමුදා සහාය
යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2025 මාර්තු මස 21 සහ 22 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, එම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම ඇතුළු ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.
24 Mar 2025
ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150 වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී නිළ හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී, කොමදෝරු රොජර් වෝඩ් (Commodore Rodger Ward) ඇතුළු එම බලකායේ නිලධාරීන්ගෙන් සමන්විත ධූත පිරිසක් 2025 මාර්තු මස 22 වැනි දින සිට 26 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර, ඊට සමගාමීව එම ධූත පිරිස නිල හමුවක් සඳහා අද (2025 මාර්තු මස 24) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
24 Mar 2025
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ නාවික හමුදාව පැවැත්වූ පාඨමාලාවන්ගේ සහතික ප්රදානය ත්‍රීකුණාමලයේදී
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සංවිධානය කරන ලද, නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්රමෝපායන් පිළිබඳ කලාපීය උපදේශක පාඨමාලාවේ සහ කලාපීය සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ උපදේශක පාඨමාලාව ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සහතික ප්රදානය ත්‍රීකුණාමලය Sober Island Resort හි දී 2025 මාර්තු මස 20 වැනි පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
24 Mar 2025
36 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 36 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්රදානෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ සහභාගිත්වයෙන් 2025 මාර්තු මස 22 වැනි දින නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී, සිදුකෙරිණි.
24 Mar 2025


