වැදගත් සිදුවීම්

මහනුවර, අලවතුගොඩ මප/කටු/මාවතුපොල මුස්ලිම් විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා පුරවැසි බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මහනුවර, අලවතුගොඩ මප/කටු/මාවතුපොල මුස්ලිම් විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම හා පුරවැසි බල ගැන්වීම 2025 මාර්තු මස 18 වැනි දින සිට 29 වැනි දින දක්වා සිදු කෙරිණි.

02 Apr 2025

10 වැනි වේග ප්‍රහාරක යාත්‍රා අසම්මතික යුධ උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය (FAF4) මඟින් පවත් වන ලද 10 වැනි වේගප්‍රහාරක යාත්‍රා අසම්මතික යුධ උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද පුහුණු නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රධානය ධජ නිලධාරී නාවික දියත් විධානයගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු මස 29 වැනි දින හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මූලස්ථානයේදී සිදු කෙරිණි.

02 Apr 2025