වැදගත් සිදුවීම්

ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් වැඩ භාර ගනියි

නාවික හමුදාවේ දියත් විධානයේ ධජ නිලධාරි ලෙස පත් කෙරුණූ රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් එම ධුරයේ වැඩ භාරගැනීම අද (2025 අප්‍රේල් 04) ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි.

04 Apr 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකාය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා දායක වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 03 වැනි දින සිදු කෙරුණූ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා, නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකාවන්ගේ කාර්ය මණ්ඩලය දායක විය.

04 Apr 2025

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග 2025 අප්‍රේල් මස 03 වැනි දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

04 Apr 2025