වැදගත් සිදුවීම්

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වාර්ෂික ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුමට සහභාගි වෙයි

කොළඹ 05, ජාවත්ත සුසාන භූමියේ 2025 අප්‍රේල් මස 25 වැනි දින පැවති වාර්ෂික ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුම් උත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි සහභාගි විය.

26 Apr 2025

කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 22 වැනි දින දිවයිනට පැමිණි කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’යුද නෞකාව 2025 අප්‍රේල් 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

26 Apr 2025