වැදගත් සිදුවීම්

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමීණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු Nakatani Gen මැතිතුමා සමඟ පැවති විශේෂ සාකච්ඡාව සඳහා ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහභාගී විය

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු Nakatani Gen මැතිතුමා ඇතුළු දූත පිරිස සමඟ ආරක්‍ෂක මුලස්ථාන සංකීරණයේදී 2025 මැයි මස 04 වැනි දින පැවති විශේෂ සාකච්ඡාව සඳහා නාවික හමුදාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහභාගී වෙයි.

07 May 2025

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහභාගී වෙයි

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය 2025 මැයි මස 06 දින සිංගප්පූරුවේ චැංගි ප්‍රදර්ශණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර, තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාව සඳහා සහ ඊ‍ට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහ ‍ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ කාර්යය මණ්ඩලය සහභාගී වූහ.

07 May 2025