වැදගත් සිදුවීම්

ශ්‍රි ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේදී ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව පාසල් සිසුන්ගේ පුද්ගලික සෞඛ්‍යය, සනීපාරක්ෂාව, රෝග වැළැක්වීම සහ මූලික හදිසි ප්‍රතිචාර දැක්වීම යන ක්ෂේත්‍රවල දැනුම සහ සූදානම වැඩි දියුණු කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනක්, 2025 මැයි මස 14 සහ 15 යන දෙදින ත්‍රීකුණාමලය තිස්ස විද්‍යාලයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

18 May 2025

නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍06ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංගට්ටෑව, දම්පෑලැස්සාගම, ගෝනපතිරාව, ධාතුසෙන්පුර සහ පුලියන්කුලම යන ග්‍රාමයන්හී ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් (06) 2025 මැයි මස 16 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

18 May 2025