වැදගත් සිදුවීම්
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරයි
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය 2025 මැයි මස 19 වැනි දින සිට 25 වැනි දින දක්වා ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, කොළඹදි පැවැත්වෙන අතර, ඊට සමඟාමීව එම සම්මේලනනය සඳහා සහභාගී වන අප්‍රිකා, ඇමෙරිකා, ආසියා සහ යුරෝපා මහාද්වීප නියෝජනය කරමින් පැමිණි හමුදා සාමාජිකයින්, බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරීම 2025 මැයි මස 20 වැනි දින සිදුකෙරිණි.
22 May 2025
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 මැයි මස 20 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
22 May 2025
නාවික හමුදාව මඟින් ගාල්ල අගලිය පාලම තුළ සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම තුළ සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2025 මැයි මස 20 වැනි දින ක්‍රියාත්මක කෙරිණි.
22 May 2025
නාවික හමුදාධිපති ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම බලඝණයට අයත්, නාවික හමුදා පුද්ගලයින් අමතා, නාවික හමුදා මෙහෙයුම් සහ පුහුණු කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම, 2025 මැයි මස 18 වැනි දින සිදු කෙරිණි.
22 May 2025


