වැදගත් සිදුවීම්
ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් මාලාවක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 මැයි මස 21, 24 වැනි දිනයන්හීදි ත්‍රීකුණාමලය කොඩ්බේ සහ වාලච්චේන ධීවර වරායන් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
26 May 2025
නාවික හමුදාව ලේ දන්දීමේ වැඩසටහන් දෙකක් සංවිධානය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් දෙකක්, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදී සහ නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී, 2025 මැයි මස 22, 23 යන දිනයන්හීදි පැවැත්විණි.
26 May 2025


