වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් කරවිලගල, ආනන්ද සම්බෝධි විහාරස්ථානයේදී ජනතා අයිතියට පත්කෙරේ.

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කරවිලගල ආනන්ද සම්බෝධි විහාරස්ථාන භූමිය තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2025 මැයි මස 27 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

29 May 2025

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා වැඩ භාර ගනියි

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා 2025 මැයි මස 28 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

29 May 2025