වැදගත් සිදුවීම්
39 වන සරඹ උපදේශක පාඨමාලාව නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
 
           ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 39 වැනි සරඹ උපදේශක පාඨමාලාවට අනුයුක්තව පුහුණුව ලැබූ කණිෂ්ඨ නාවිකයන් පස් දෙනෙකු (05), එම පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කරමින් සරඹ උපදේශකයින් ලෙස විසිරයාම, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී, එම විද්‍යාපීඨයේ අඥාපති, රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්ගේ ප්‍රධානත්වයෙන් 2025 මැයි මස 29 වැනි දින සිදුකෙරිණි.
03 Jun 2025
යාත්‍රා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සහ සමුද්‍රීය බල ප්‍රදේශ දැනුවත් කිරීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ
 
           එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ කාර්යාලය මඟින් (United Nations Office on Drugs and Crime - UNODC). ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් (Regional Visit, Board, Search, and Seizure - VBSS) සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සහ සමුද්‍රීය බල ප්‍රදේශ දැනුවත් කිරීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රධානය 2025 මැයි මස 30 වැනි දින විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
03 Jun 2025
ඉංග්‍රීසි භාෂා කඳවුර නියමු ව්‍යාපෘතිය 01/2025 ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත්විය
 
           ස්වේච්ඡා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය වර්ධනය කිරීම වෙනුවෙන්, වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී ආරම්භ කෙරුණු ඉංග්‍රීසි භාෂා කඳවුර නියමු ව්යාපෘතියෙහී (English Camp Pilot Project – 01/2025) සමාප්ති උළෙල, 2025 මැයි මස 30 වැනි දින ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
03 Jun 2025
නාවික හමුදාව ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි
 
           ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේදී, 2025 මැයි මස 30 වැනි දින පැවැත්විණි.
03 Jun 2025


