වැදගත් සිදුවීම්

අභ්‍යන්තර කටයුතු ඒකකයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව තුල ස්ථාපනය කෙරුණු අභ්‍යන්තර කටයුතු ඒකකයන්ට අයත් සාමාජිකයන් හට, එම ඒකකයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දේශණයක්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සාමාජිකයන් විසින් 2025 ජුනි මස 11 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

13 Jun 2025

නාවික හමුදාව ලේ දන්දීමේ සමාජ සත්කාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදී සහ යාපනය, කයිට්ස් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතන පරිශයේදී, 2025 ජුනි මස 11 වැනි දින සාර්ථකව පැවැත්විණි.

13 Jun 2025

ගිනස් ලෝක වාර්ථා 02කට හිමිකාරීත්වය තහවුරු කල රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) හට නාවික හමුදාධිපතිගේ සුභාශිංසන

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාලයක් එක දිගට දිවීමෙන් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් 2025 මාර්තු මස 09 වැනි දින ගි‍නස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවන ලද අතර, එම වාර්ථා නිල වශයෙන් ගිනස් කමිටුව මගින් තහවුරු කර එහි හිමිකාරීත්වයට අදාළ සහතිකපත් හා පදක්කම් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) වෙත පසුගියදා නිකුත් කෙරිණි. එමගින් මහත් විශාල ගෞරවයක් හා අභිමානයක් නාවික හමුදාව වෙත ගෙනදීම වෙනුවෙන් 2025 ජුනි මස 12 වැනි දින නාවික හමුදාධිපති සිය සුභාශිංසනය නාවික හමුදාව වෙනුවෙන් පිරිනැමීම සිදුකෙරිණි.

13 Jun 2025