වැදගත් සිදුවීම්

ලෝක ජල ශාස්ත්‍රීය දිනය වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ශවත්ව සැමරේ

ජුනි මස 21 වන දිනට යෙදෙන ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය කාර්යාලය ගෝලීය ප්‍රජාව හා එක්වෙමින් ලෝක ජල ශාස්ත්‍රීය දිනය සැමරීම, අද (2025 ජුනි 24) ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ගේ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ආරාධනයෙන්, ගරු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ශවත්ව සිදුකෙරිණි.

24 Jun 2025

කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් ප්‍රජා සත්කාරක දායකත්වය

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හී සිට කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2025 ජුනි මස 20 වැනි දින ආරම්භ කෙරිණි. එම කටයුතු නිරීක්‍ෂණය කරමින් පාද යාත්‍රාව සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති, බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ සුභසාධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා එහිදී උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

24 Jun 2025