වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇඳගල, ගල්වඩුවාගම සහ යාය 2 ඉහල කොටස යන ග්‍රාමයන්හී ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) 2025 ජුනි මස 26 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
27 Jun 2025
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුනි මස 25 වැනි දින යුද හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ හමුවිය.
27 Jun 2025
කතරගම පාද යාත්‍රාවට සමඟාමීව පරිසර සංරක්‍ෂණය සඳහා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වය
කුමන ජාතික වන උද්‍යානය ඔස්සේ කතරගම දක්වා පැවැත්වෙන පාද යාත්‍රාව සඳහා සහභාගීවන විශාල බැතිමතුන් පිරිසකට අවශ්‍ය ආරක්‍ෂාව සහ සුභසාධනය සඳහා අවශ්‍ය ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 ජුනි මස 20 වැනි දින සිට විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවන ලද අතර, ඊට සමඟාමීව කුමන ජාතික වන උද්‍යානය තුල ගිනිකොන නාවික විධානයේ මූලිකත්වයෙන් විශේෂ පරිසර සංරක්‍ෂණ වැඩසටහනක් ආරම්භ කිරීම 2025 ජුනි මස 25 දින සිදු කෙරිණි.
27 Jun 2025
නාවික හමුදාව මඟින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ගම්මැද්ද සමාජසත්කාරක වැඩසටහන මඟින්, බොරැල්ලේ පදිංචි මන්ත්‍රී අමරසිංහ මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන්, මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිගාතැන්න මහ විදුහලෙහි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුනි මස 20වැනි දින සිදු කෙරිණි.
27 Jun 2025


