‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව, “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කර ගනිමින් පාසල් තුල, සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දායක වන නාවික හමුදාව, උතුරු මැද පලාතේ පාසල් පරිශ්‍ර 05ක් සහ නැගෙනහිර පලාතේ පාසල් පරිශ්‍ර 06ක් තුල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර, එම පාසල් පරිශ්‍ර සෞඛ්යාරක්ෂිත පාසල් පරිශ්‍ර බවට පත් කිරීම වෙනුවෙන් 2025 ජුලි මස 09 වැනි දින ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම සහ ප්‍රජා බල ගැන්වීම සිදු කෙරිණි.