වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හමුදා මෙහෙයුම් අභිප්‍රාය අවධාරණය කරයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුලි මස 12 සහ 13 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණී සහ විජය ආයතනයන් හා එම ආයතනයන්ට අයත් අනුඛණ්ඩයන්හි මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු සහ සුභසාධන කටයුතු නිරීක්ෂණය කර, එම කටයුතු නිසිලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සමාලෝචනයක නිරතවී, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳ අවධාරනය කෙරිණි.
14 Jul 2025
නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් සම්පූර්ණ කළ නයනතිව් ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල විවෘත්ත කෙරේ
ජර්මානු රතු කුරුස සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, යාපනය නයිනතිව් දූපතේ ප්‍රාදේශීය රෝහලේ අභිනවයෙන් ඉදිකළ බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිල්ල විවෘත කර ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුලි මස 12 දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
14 Jul 2025


