වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ගොකරැල්ලේදී ජනතා අයිතියට
නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ විංග් කමාණ්ඩර් (විශ්‍රාමික) පුලස්ති වීරසිංහ ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය දායකත්වයෙන්, කුරුණෑගල, ගොකරැල්ල, හිද්දන, ශ්‍රී විමලාරාම පුරාණ විහාරයෙහි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුලි මස 16 වැනි දින සිදු කෙරිණි.
21 Jul 2025
යුද, නාවික සහ ගුවන් හමුදා නාවිකයන්/ සෙසු නිලයන්ගේ පුහුණුව, පරිපාලනය සහ සුභසාධනය පිලිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් සහ වැඩමුළුවක් නාවික හමුදා මූලස්ථානයේදී
යුද, නාවික සහ ගුවන් හමුදා නාවිකයන්/ සෙසු නිලයන්ගේ පුහුණුව, පරිපාලනය සහ සුභසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් සහ එක්දින වැඩමුළුවක් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී පීආර්එම්ජීබී පුස්සලමංකඩගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදා බළලත් නිලධාරින්ගේ සහභාගිත්වයෙන්, 2025 ජුලි මස 16 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වුණු අතර, ඊට සමගාමීව එම පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිමද සිදුකෙරිණි.
21 Jul 2025


