වැදගත් සිදුවීම්

ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025 හී මුහුදු අධියර ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025’ සමාරම්භය 2025 ජුලි මස 22 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේදී සිදුකෙරුණු අතර, එම අභ්‍යාසයේ මුහුදු අධියර 2025 ජුලි මස 23 වැනි දින නැගෙනහිර නාවික වීධාන මුහුදු තීරයේදී නාවික හමුදාවේ නෞකා බල ඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

24 Jul 2025

නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍03ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත්පුංචිකුලම, මීවැල්ලෑව ග්‍රාමයන්හී සහ අමුනුච්චිය ශ්‍රී රතනචේතියාරාම විහාරස්ථානයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) 2025 ජුලි මස 23 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

24 Jul 2025